ගාන්ධාර ශිෂ්ඨාචාරයට අයත් බුදු පිළිමයක් පාකිස්තානයේදී විනාශ කරයි
පාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තඛට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දැමූ බුදු පිළිමය ගාන්ධාර ශිෂ්ටාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි බුදු පිළිමයක් බවත් පාකිස්තාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
පාකිස්තානය කයිබර්-පක්තුන්ක්වා පළාතේ කෘෂිකාර්මික ගොවිපලක කැණීමකදී මෙම පිළිමය හමුවී ඇති අතර එය විනාශ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ප්‍රා දේශීය මව්ලව්වරයෙකුගේ නියෝග අනුගමනය කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
කැණීමේදී හමුවූ පිළිමය මතුකරනවා වෙනුවට එක් පුද්ගලයෙකු විසින් එය විනාශ කරන අතර තවත් පුද්ගලයන් පිරිසක් එය වීඩියෝ ගත කර තිබේ. එම වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වී ඇති අතර පසුව එය බලධාරීන්ගේ අවධානයට යොමුව තිබේ.

popular news
-
Kumar Tuesday, 21 July 2020 06:20 AM
According to Buddhist teaching nothing last for ever and those clerics are scared of those statues and the reason to destroy such items.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

